චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයට
දූෂණ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා ලබන 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (04දා) පස්වරුවේ නියෝග කළාය.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා හා විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී එනම් 2014 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායී මිලට ලබාදීම සඳහා රජය විසින් රුපියල් මිලියන 25ක් වැය කර ආනයනය කළ බීජ බඩ ඉරිඟු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රමසම්පාදන අධ්‍යක්‍ෂවරයා ඇතුළු නිලධාරීන්ට බලපෑම් කර ලබාගෙන 2015 ජනාධිපතිවරණ සමයේදී සිය දේශපාලන හිතවතුන්ට ලබාදීම යන චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබිණි. එමගින් රජයට රුපියල් මිලියන 25ක් අලාභ කළේ යැයි ද එමගින් චෝදනා නඟා තිබිණි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

