Latestවිදේශීය

රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර

රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව ඇත්තේ රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන යානා 550ක් සහ මිසයිල ප්‍රහාර 11ක් එල්ල කර ඇති බවය.

මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ රුසියානු – යුක්‍රේන යුද්ධය නැවැත්වීම සඳහා ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සිදුවූ දුරකථන ඇමතුමින් පැය කිහිපයකට පසු වීමද විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ දෙරට අතර යුද්ධය නැවැත්වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීම රුසියානු ජනාධිපති පුටින් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවය.

තවද ප්‍රහාර සම්බන්ධයෙන් යුක්‍රේන බලධාරීන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත්තේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු කියෙව් නගරය පුරා තද දුමාරයක් පැවතිය බවය.

එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇතැයිද මේ වන විට වාර්තා වී ඇති අතර සිදුවූ මරණ පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

ප්‍රහාරයෙන් කියෙව්හී මහල් නිවාස 40ක්, මගී දුම්රිය යටිතල පහසුකම් මෙන්ම පාසල් 05ක් සහ ළදරු පාසල්, මෙන්ම මෝටර් රථ රැසකටද හානි සිදුව තිබේ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ දෙරට අතර පවතින යුද්ධය නිමා කිරීමට රුසියානු ජනාධිපතිවරයා අවධානය යොමු නොකිරීම සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් කළකිරීමට පත්ව ඇති බවය.

රුසියානු ජනාධිපතිවරයා සමග පැවති දුරකථන සංවාදයෙන් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ බව ප්‍රකාශ කර තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *