නිදහස් කළ බහාලුම් පිළිබද පැමිණිලි දිගටම
රතු නිවේදන යටතේ තිබූ කන්ටේනර් (බහාලුම්) 323 ක් කිසිදු පරීක්ෂණයකින් තොරව නිදහස් කිරීමට එරෙහිව විපක්ෂය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් කොමිසමට සහ අධිකරණයට වෙන වෙනම පැමිණිලි කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) වෙත ඉදිරි සතියේ දී පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ඇතැයි විපක්ෂයේ ප්‍රධානියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට කීය.
මෙම කන්ටේනර් නිසි පරීක්ෂණයකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් රජයට සිදුවූ මූල්‍ය පාඩුව සෙවීමට වෝහාරික විගණනයක් සිදුකළ යුතු බවට යෝජනා කර ඇත.
එබැවින් එය සලකා බලා අල්ලස් කොමිසමට මේ බව නිසි පරිදි පැමිණිලි කළ යුතු යැයි විපක්ෂයේ මතය වී තිබේ.
ඊට අමතරව මෙමගින් පුරවැසියන්ට සිදුවිය හැකි බලපෑම සලකා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නියෝගයක් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කළ යුතු බවට ද විපක්ෂයේ මතය වී ඇති බව ඉහත කී ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් කීය.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

