Latestදේශීය

පාතාලය මර්ධනයට මෙහෙයුම් දිගටම

පසුගිය දින කිහිපය පුරා ගම්පහ දිස්ත්‍රික්කයේ අපරාධ කේන්ද්‍ර ගත වූ ප්‍රදේශ කිහිපයක් හඳුනා ගෙන ආරක්ෂක අංශවල ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

පසුගිය දා (04) රාත්‍රිය පුරා ක්‍රියාත්මක කළ එම මෙහෙයුමෙන් විවිධ සැකකරුවන් 300කට අධික පිරිසක් අත්තඩංගුවට ගෙන ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල එවැනි හදිසි මෙහෙයුම් ඉදිරියේ දී දියත් කරන බව ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරයි. මත්ද්‍රව්‍ය ජාවාරම, වෙනත් අපරාධ සහ කට්ටි පනිමින් සිටි වරෙන්තුකරුවන් එම මෙහෙයුමේ දී අත්තඩංගුවට ගෙන ඇත.

ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ඒකාබද්ධව රාගම, ජාඇල, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල රථ වාහන පරීක්ෂාව ඇතලු මෙහෙයුම් දියත් කරනු ලැබීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *