Latestදේශීය

“කුඩු තමිල්” හදිසියේ මිය ගියේ කෙසේද?

දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගිය පැරණිතම පුද්ගලයා ලෙස සැලකෙන තමිල් අජිත් කුමාර නොහොත් දෙවුන්දර “කුඩු තමිල්” ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොළයේ පිළිකාවකින් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණි.

එලෙස ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තමිල් අජිත් කුමාර නොහොත් කුඩු අජිත් පසුගිය දා (04) උදෑසන ජීවිතක්ෂයට පත්විය.

ගුද මාර්ගයේ හටගත් පිළිකාවක් කොන්ද හරහා මොළය දක්වා පැතිර යාම හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් තිබේ.

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිය මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගිය කුඩු තමිල් දකුණු පළාතේ පැරණිතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙසද සැලකේ.

මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අදාළව ඔහුට මරණ දඬුවම නියම වූ අතර පසුව කුඩු තමිල් විසින් එම දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කර තිබිණි.

කෙසේ නමුත් එම නඩුවෙන් ඔහු පසුගිය 23 වැනිදා නිදොස් කොට නිදහස් විය.

නමුත් ඔහු වෙනත් නඩුවකට අදාළව බන්ධනාගාරගත වී තිබුණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *