වැව් රක්ෂිත දේශපාලනඥයින්ගෙන් මුදා ගන්නවා – සුසිල් රණසිංහ
වැව් රක්ෂිත අනවසරයෙන් අත්පත්කරගෙන සිටින දේශපාලනඥයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ පවසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ,
“වැව් රක්ෂිත අල්ලගෙන ඉන්න දේශපාලනඥයින්ටනම් අනිවාර්යයෙන් ශොට් එක දෙනවා. ඒව අත්පත් කරගන්නවා. ඒවට ක්‍රියාමාර්ග ගන්නවා.
අපිට පාර්ලිමේන්තුවෙත් ප්‍රශ්න ඇහුවා, බොහෝ දෙනෙක් අපිට තොරතුරු ෆයිල් පිටින් ගෙනල්ලා දෙනවා. මේ වැව් රක්ෂිත අල්ලගන්න එක ජාවාරමක් තියෙනවා. මෙන්න මේක සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න කියලා.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 100ක් වෙන් කරලා තියෙනවා වැව් රක්ෂිත මැනුම් කටයුතු කරලා වැව් රක්ෂිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන්.
අපි මේ මාසේ 07 වෙනිදත් ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලයේදී සාකච්ඡාවක් කරනවා. වැඩිම තර්ජනයට ලක්වෙලා තියෙන වැව් රක්ෂිත මොනවද? ඒවල මැනුම් කටයුතු කරන්නේ කොහොමද කියලා.
විශේෂයෙන්ම අනුරාධපුර නුවර වැව වටේ පදිංචි වෙච්ච කට්ටිය කවුද කියලා අපි දන්නවා. ඒවලින් දේශපාලනඥයෝ කවුද කියලා දන්නවා. දේශපාලනඥයින්ගේ හයිය ලැබිල තියෙන්නෙ කාටද කියලා අපි දන්නවා. මිනිදෝරු දෙපාර්තමේන්තුවෙන් මැනුම් ලකුණු කරලා තියෙනවා. ඒවට අදාළ ගල් දාන්න අපි නොදුරේදිම කටයුතු කරනවා.”
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

