තරගාවලියේ ජය ශ්රී ලංකාවට
ශ්රී ලංකා කණ්ඩායම අද (08) වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කළේය.
ඒ තරග 3කින් යුත් එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමිනි.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්රිකට් තරගය පල්ලේකැලේ ක්රීඩාංගණයේදී අද පැවැත්වුණි.
එහිදී ලකුණු 286ක ඉලක්කයක් හඹාගිය බංග්ලදේශය පන්දුවාර 39යි පන්දු 04 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 186කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දුයවන්නන්ට හැකිවිය.
තරගයේ කාසියේ වාසිය ශ්රී ලංකා නායකයා දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි.
ශ්රී ලංකා ඉනිම සවිමත් කළ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක බංග්ලාදේශ පන්දු යවන්නන් මැනවින් පාලනය කරමින් සිව්වන කඩුල්ලට ලකුණු 124ක සබඳතාවක් ගොඩනැගීය.
චරිත් අසලංක ලකුණු 58ක් රැස් කරමින් සිය එක්දින දිවියේ 16 වැනි අර්ධ ශතකය වාර්තා කළේය.
සුපිරි ඉනිමක් ක්රීඩා කළ කුසල් මෙන්ඩිස් අද සිය එක්දින දිවියේ 6 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 124ක් රැස් කරගත්තේය.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 285ක් රැස් කිරීමට සමත්වුණි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

