ලෝකයේ උසම කදු 07 තරණය කළ ජොහාන් ලංකාවට
ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් 07 තරණය කළ ජොහාන් පීරිස් , සිය අවසන් කදු මුදුන වන උතුරු ඇමෙරිකාවේ ඇලස්කා හි පිහිටි ඩිනාලි කදු මුදුන ද ( Mount Dinali ) තරණය කර අද (08) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඒ අනුව මේ වනවිට ලෝකයේ මහාද්වීප හතේ උසම කදු මුදුන් හතම තරණය කිරීමට ජොහාන් පීරිස් මහතා සමත් වී තිබේ .
2014 වසරේ අප්‍රිකානු මහාද්වීපයේ කිලිමැන්ජාරෝ කන්ද තරණය කිරීමෙන් ජොහාන් පීරිස් මහතා ආරම්භ කළ ලොව මහාද්වීපය හතේ උසම කදු තරණය වසර 11 කට පසුව උතුරු ඇමෙරිකාවේ ඩිනාලි කන්ද තරණය කිරීමෙන් නිමාවට පත් කිරීමට සමත් වී තිබේ .
ජොහාන් පීරිස් අප්‍රිකානු මහාද්වීපයේ කිලිමැන්ජාරෝ , ආසියානූ මහාද්වීපයේ එවරස්ට් , යුරෝපා මහාද්වීපයේ රුසියාවේ එල්බ්‍රෙස් , දකුණු ඇමෙරිකාවේ ඇකන්කගුවා , ඇන්ටාටිකා මහාද්වීපයේ වින්සන්ට් , ඕස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඔස්කෝ සහ උතුරු ඇමෙරිකාවේ ඩිනාලි කන්ද තරණය කරමින් ශ්‍රී ලංකාවේ ධජය එම කදු මුදුන් මත සවි කරමින් මෙරටට අභිමානය සහ කීර්තිය ගෙන ඒමට සමත් වී තිබේ .
ජොහාන් පීරිස් මහතා කොළඹ නගරයේ සහ තරු පංතියේ හෝටල් කීපයකත් , එංගලන්තයේ ලන්ඩන් නුවර සහ ඕස්ට්‍රේලියාවේත් කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යන කොණ්ඩා සැකසුම් ශිල්පියෙකි .
ජොහාන් මහතා අනාගතයේ දී මෙම කදු තරණය කිරීම පිළිබද අත්දැකීම් පාදක කර ගනිමින් පොතක් සම්පාදනය කිරීමට මෙන්ම , ශ්‍රී ලංකාව ලෝක කදු නගින්නන්ගේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
@දිනමිණ