හර්ෂණ වෙනුවට නිශාන්ත ජයවීර
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා හිටපු ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු වූ නිශාන්ත ජයවීරගේ නම ගැසට් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා හිටපු ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු වූ නිශාන්ත ජයවීරගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර ගැනීම සඳහාය.
හිටපු ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු වූ නිශාන්ත ජයවීර, පසුගිය 2024 ඔක්තෝබර් මසදී හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරිගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කිරීමෙන් පසු ඇති වූ එම තනතුරේ පුරප්පාඩුව සඳහා වැඩ බලන සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙසද කටයුතු කළේය.
@Lanka Truth