Latestවිදේශීය

ටෙක්සාස් ගංවතුර 161ක් අතුරදන් කරයි

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බවය.

මියගිය පිරිස අතර ළමා කඳවුරක සිටි ගැහැණු ළමුන් 27 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය වන බවට වාර්තා වෙයි.

අදාළ ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය ඉදිරියටත් අයහපත් වනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය අනතුරු අඟවා තිබේ.

නව මෙක්සිකෝ ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් ඇති හේතුවෙන් නිවාස රැසක් හානියට පත්ව ඇති බව සඳහන්ය.

එම ප්‍රදේශයේ පියෙකු සහ දරුවන් දෙදෙනෙකු ගංවතුරට ගසාගෙන ගොස් ඇති බවද විදෙස් වාර්තා පවසයි.

ජීවිත හානි වැඩි වීමත් සමඟ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිසි පරිදි ලබා දී තිබේද යන්න පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බවයි  විදෙස් වාර්තා පවසයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *