“අරගලයේ අභිලාෂය, අද දවසේ අභියෝගය”
ගාළු මුවදොර අරගලයට වසර 3ක් පිරීම නිමිත්තෙන් මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය විසින් සංවිධානය කරන සම්මන්ත්‍රණය අද (09) සවස 3.00ට කොළඹ 07, බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේ (NADA)දී පැවැත්වෙනවා.

“අරගලයේ අභිලාෂය, අද දවසේ අභියෝගය” යන මැයින් පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණයට සමගාමීව සංස්කෘතික අංග කිහිපයක් ද වේදිකාගත කිරීමට නියමිතයි.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මෙන්ම ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කළ යුතුයි යන ස්ථාවරයේ සිට දිගින් දිගටම ආන්ඩුවට බලපෑම් කරමින් සිටින මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය එම සටන පෙරමුණු ගණනාවක් හරහා දිගටම ක්‍රියාත්මක කරන බවත් “අරගලයේ අභිලාෂය, අද දවසේ අභියෝගය” සම්මන්ත්‍රණය හරහා ද එම කතිකාව වඩ වඩා ජනතාව අතරට ගෙනයාමට කටයුතු කරන බවත් පවසනවා.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

