Latestදේශීය

තුෂාර උපුල්දෙණිය ඇපමත නිදහස්

ජනාධිපති සමාව මුවාවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු අනීතික ලෙස නිදහස් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා රුපියල් 25,000ක මුදල් හා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (09දා) නියෝග කළාය.

ඇප ලබාගැනීමෙන් පසුව ලංකාවේ පිහිටි කිසිදු බන්ධනාගාරයකට ඇතුළුවීම වළක්වමින් ද සැකකරුට නියෝගයක් නිකුත් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකරුට විදේශගත වීම තහනම් කරමින් ද නියෝගයක් පනවනු ලැබුවාය.

සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සැකකරුට නියෝග කළාය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් හා විමර්ශන සිදුකරන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම ඇප නියෝගය නිකුත් කළාය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *