Latestවිදේශීය

ලෝකය වෙනස් වී ඇති බව ට්‍රම්ප් තේරුම් ගත යුතුයි – ලූලා ද සිල්වා

බ්‍රසීල භාණ්ඩ සඳහා 50% ක තීරුබදු වැඩිවීමක් පිළිබඳ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවේදනයට ප්‍රතිචාරයක් දක්වමින්, බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා පවසා ඇත්තේ බ්‍රසීලය ‘ස්වෛරී රාජ්‍යයක්’ බවත් එහි අධිකරණ ක්‍රියාවලීන් සඳහා බාහිර ඇඟිලි ගැසීම් නොඉවසන බවත්ය.

බ්‍රසීල ජනාධිප ලූලා ද සිල්වා සිය සමාජ මාධ්‍ය හරහා සඳහන් කර තිබුණේ, ජාතියේ අධිකරණ පද්ධතියට සිදුවන ඕනෑම මැදිහත්වීමකට එරෙහිව තමා අනතුරු අඟවන බවත්, බ්‍රසීලය කිසිවකුගෙන් මැදිහත්වීම් පිළිගන්නේ නැති බවත්, කිසිවකු නීතියට ඉහළින් නොමැති බවත්, ලෝකය වෙනස් වී ඇති බව ජනාධිපති ට්‍රම්ප් දැනගත යුතු බවත්, සිය රටට අධිරාජ්‍යයෙක් අනවශ්‍ය බවත්ය.

ජනපති ට්‍රම්ප් බ්‍රසීලයට බදු පනවන අතරතුර හිටපු ජනාධිපති දක්ෂිණාංශික බෝල්සනාරෝගේ නඩුව අවසන් කරන ලෙසත් නිවේදනය කර තිබිණි.

ට්‍රම්ප් සහ බොල්සොනාරෝ අතර සමීප සබඳතාවක් ඇති අතර 2019 දී ධවල මන්දිරයේදී මෙම යුවළ හමුවූහ. බොල්සොනාරෝ බොහෝවිට නිවර්තන කලාපයේ ට්‍රම්ප් ලෙස හැඳින්විය. පසුව දෙදෙනාම ජනාධිපතිවරණ පරාජයට පත් වූ අතර දෙදෙනාම ප්‍රසිද්ධියේ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ. බෝල්සනාරෝගේ නඩුව අවසන් කරන ලෙස ජනපති ට්‍රම්ප් කර ඇති ඉල්ලීම බ්‍රසීල ජනපතිවරයා කෝපයට පත්කර ඇත.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *