Latestදේශීය

මැලේසියාවෙන් රැකියා විශාල ප්‍රමාණයක් ලංකාවට

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වඩාත් ගෞරවනීය සහ විශ්වාසනීය මට්ටමකට පත් කර ගනිමින් ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමේ සැලසුම් ක්‍රියාත්මක කර තිබේ.

විදේශ අමාත්‍ය විජිත හේරත්, මැලේසියානු අග්‍රාමාත්‍ය දාතෝ සේරි අන්වර් බින් ඉබ්‍රාහිම් හමු වූ අවස්ථාවේ මේ පිළිබඳව ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ. 58 වන ආසියන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම මැලේසියාවේ දී පවත්වන අවස්ථාවට සහභාගී වූ විජිත හේරත් අමාත්‍යවරයා සහ එරට අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (10) එම සාකච්ඡාව සිදු කර තිබේ.

මෙම සාකච්ඡා මගින් ශ්‍රී ලාංකිකයින් හට මැලේසියාවේ විවිධ අංශවල රැකියා ලබා දීම ඉහළ දැමීම පිළිබඳව මූලික අවධානයක් යොමු කර තිබේ.

ඒ පිළිබඳව අමාත්‍ය විජිත හේරත් තම ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන පහතින්…

මැලේසියානු අගමැති ගරු දාතෝ සේරි අන්වර් බින් ඉබ්‍රාහිම් මහතා අගමැති කාර්යාලයේ දී අද (10) හමුවීමට ලැබීම ගෞරවයක්. මෙම හමුව සිදු වූයේ ය 58 වන ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට මා මැලේසියාවේ නිරත සංචාරය අතරතුර දී ය. ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර දිගුකාලීන පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අපි ඵලදායී සාකච්ඡාවක නිරත වූයෙමු. විශේෂයෙන් මැලේසියාවේ විවිධ අංශ ඔස්සේ ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා වැඩි කිරීමට සලකා බලන ලෙස අගමැතිවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටීමට ද මම මෙය අවස්ථාවක් කර ගතිමි. ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රත්වය වඩාත් ශක්තිමත්ව තහුවරු කිරීමට ද අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් මහතා බලාපොරොත්තු වන බව මෙහි දී පෙන්වා දුන්නේ ය. ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකා රජය ගනු ලබන සෑම ධනාත්මක පියවරයක් සඳහාම සිය ආශිර්වාදය හිමි වන බවත් ඔහු අවධාරණය කළේ ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *