Latestදේශීය

අත්අඩංගුවට ගත් බව කියන පද්මේ සහ සලින්ත සජීවී වැඩසටහනක

මැලේසියාවේදී එරට පොලිස් අත්අඩංගුවට පත් වූ බවට වාර්තා පළ වූ කමාන්ඩෝ සලින්ත සහ කෙහෙල්බද්දර පද්මේ නැමැති පාතාල කල්ලි නායකයන් දෙදෙනා අන්තර්ජාල නාලිකාවක් සමඟ සජීවීව සම්බන්ධ වෙමින් අදහස් පල කර ඇත.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග ඔහුගේ අන්තර්ජාල නාලිකාවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම අත්අඩංගුවට පත්ව නැති බවයි.

මේ මොහොතේ තමන් සිටිනා රට කුමක්දැයි හෙළි කිරීමට නොහැකි බවද ඔවුන් කියා සිටියේය.

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් වී තිබූ මනුදිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වූයේ පසුගිය 09 වැනිදාය.

ඔහු සමග තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත ද අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසින.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *