Latestවිදේශීය

ඉන්දීය ගුවන් අනතුරට හේතුව මේකයි

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව ලෙස , එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම යැයි මූලික විමර්ශන වාර්තාවකින් හෙළි වී තිබේ . මෙම අනතුරෙන් පුද්ගලයින් 260 දෙනෙකුට ජීවිතය අහිමි විය .

ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කර ඇති වාර්තා වේ දැක්වෙන්නේ , යානයේ ඉන්ධන පාලන ස්විච්චයේ සිදු වූ සිතා ගත නොහැකි අන්දමේ හැසිරවිමකින් එන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු වී නොමැති බවය .

අනතුරෙන් පැය 49ක පියාසැරි දත්ත සහ පැය දෙකක නියමු කුටියේ ශ්‍රව්‍ය දත්ත සහ ගුවන් යානයේ ‘කළු පෙට්ටියේ’ පටිගත දත්ත අනුව මෙම තොරතුරු හෙළී වී තිබේ .

අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් ‘තත්පර 1ක කාල පරතරයකින් එකින් එක RUN සිට CUTOFF ස්ථානයට මාරු කරන විට’ ගුවන් යානය 180ක (airspeed of 180 knots) වේගයකට ළඟා වී ඇත.
පටිගත වී ඇති දත්ත වල සටහන්ව ඇත්තේ , එක් නියමුවෙකු අනෙක් ගුවන් නියමුවාගෙන් ” ‘RUN සිට CUTOFF’ ලෙසට මාරුකළේ ඇයි ? ” යනුවෙන් විමසන බවය .
අනෙක් නියමුවා ඊට පිළිතුරු දෙමින් , ” තමා එසේ කළේ නැත “ යනුවෙන් පිළිතුරු දේ .

අනතුරුව , අදාළ ස්විචය යළි තිබිය යුතු ස්ථානයට ආපසු හරවන අතරතුර මෙම අනතුර සිදුව තිබේ .

මෙම පාලන ස්විච්චය ස්වංක්‍රියව ක්‍රියා කරන්නේ නැත . එය ගුවන් නියමුවන් ම හැසිරවිය යුතු ස්විචයකි .

මේ ආකාරයට , ඉන්ධන ස්විච අක්‍රිය වීම ‘අතිශය දුර්ලභ’ අවස්ථාවක් බව ගුවන් විශ්ලේෂකයන් මෙම වාර්තාව අධ්‍යනය කර පවසා තිබේ .

ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී අනතුර සිඳු විය .
ඒ හේතුවෙන් යානයේ සිටි එක් මගියෙකු හැර සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත් විණි .

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *