Latestදේශීය

තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් මේ ආන්ඩුව පෙරලනවා – චතුර සේනාරත්න

රාජිත සේනාරත්න යනු අල්ලස් පනත ගෙන ඒම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ අයෙක් බව ඔහුගේ පුත්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි.

ඉතිහාසය විසින් රාජිත සේනාරත්න මහතා නිදොස් කොට නිදහස් කරනු ඇති බව පැවසූ ඔහු මීට පෙරද අද මෙන්ම චෝදනාවන්ට අධිකරණය විසින් රාජිත සේනාරත්න මහතා නිදොස් කොට නිදහස් කර ඇති බවද පැවසීය.

තම පියා අත්අඩංගුවට ගත්ත ද නැතද වර්තමාන ආණ්ඩුව පෙරළා දමන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අද පෙරවරුවේ අධිකරණය හමුවට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *