Latestදේශීය

ජුලී චන්ග් යයි එරික් මේයර් එයි

ශ්‍රී ලංකාවේ නව අමෙ­රිකා එක්සත් ජන­පද තානා­ප­ති­ව­රයා ලෙස එරික් මේයර් මහතා නම් කිරී­මට එක්සත් ජන­පද ධවල මන්දි­රය පිය­වර ගෙන තිබේ. ඒ මහ­තාගේ නාම­යෝ­ජ­නාව තහ­වුරු කිරී­මට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් එක්සත් ජන­පද සෙනෙට් සභාව වෙත නිල වශ­යෙන් ඉදි­රි­පත් කර තිබෙන බව වාර්තා වෙයි. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රි­ක­යකු වන එරික් මේයර් මහතා, දැනට දකුණු සහ මධ්‍යම ආසි­යානු කට­යුතු කාර්යාං­ශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිල­ධා­රියා ලෙස සේවය කරයි. ඒ අනුව ඒ මහ­තාගේ නම සෙනෙට් මණ්ඩ­ල­යට යෝජනා කිරී­මත් සමඟ ශ්‍රී ලංකාවේ අමෙ­රිකා එක්සත් ජන­පද අති විශේෂ සහ පූර්ණ බලැති තානා­ප­ති­ව­රයා ලෙස පත්වී­මට නිය­මි­තය.

එරික් මේයර් මහතා, ඇෆ්ග­නි­ස්තා­නය, බංග්ලා­දේ­ශය, භූතා­නය, ඉන්දි­යාව, කස­ක­ස්තා­නය, කිර්ගි­ස්තා­නය, මාල­දි­ව­යින, නේපා­ලය, පාකි­ස්තා­නය, ශ්‍රී ලංකාව, ටජි­කි­ස්තා­නය, ටර්ක්මෙ­නි­ස්තා­නය සහ උස්බෙ­කි­ස්තා­නය ඇතුළු දකුණු සහ මධ්‍යම ආසි­යාව පුරා කාර්යාංශ අධී­ක්ෂ­ණය කිරීම මෙන්ම පරි­පා­ල­නයේ ප්‍රති­පත්ති ප්‍රමු­ඛතා සම්බ­න්ධී­ක­ර­ණය කිරීම ඔහු වෙත පැවරී ඇති වග­කීම් බව ද වාර්තා වෙයි.

එරික් මේයර් නෝර්වේ හි එක්සත් ජන­පද දූත මණ්ඩ­ලයේ සහ නේටෝවේ නව­තම සාමා­ජික රාජ්‍ය­යක් වන උතුරු මැසි­ඩෝ­නි­යාවේ ස්කොප්පේ හි එක්සත් ජන­පද දූත මණ්ඩ­ලයේ භාර­කරු ලෙසත් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධා­නියා ලෙසත් සේවය කර ඇත. ඊට පෙර මේයර් මහතා කාම්බෝ­ජයේ නොම් පෙන් හි කොන්සල් ජන­රා­ල්ව­රයා ලෙස කට­යුතු කර තිබෙන අතර එහි දී ඔහු වැඩ­බ­ලන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධා­නියා ලෙස ද සේවය කර තිබේ.

මේයර් මහතා කැලි­ෆෝ­නියා බර්ක්ලි විශ්ව­වි­ද්‍යා­ල­යෙන් දේශ­පා­ලන විද්‍යාව පිළි­බඳ උපා­ධි­යක් ලබා ඇති අතර ජෝර්ජ්ට­වුන් විශ්ව­වි­ද්‍යා­ල­යෙන් MBA උපා­ධි­යක් ද ලබා ඇත. ඔහු රාජ්‍ය දෙපා­ර්ත­මේන්තු උසස් සහ කුස­ලතා ගෞරව සම්මාන කිහි­ප­ය­කින් පිදුම් ලැබූ­වෙක් වන අතර ඩෙන්මාර්ක, ප්‍රංශ, කෙමර්, රුසි­යානු සහ ස්පාඤ්ඤ භාෂා චතුර ලෙස හැසි­ර­වීමේ හැකි­යාව ද ඔහුට ඇත.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *