ප්‍රසන්නට ඇප නැහැ
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා එළැඹෙන 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව අද (14) විභාගයට ගත් අවස්ථාවේදී මහර මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය එම නියෝගය දුන් බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමද මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

