Latestදේශීය

මහේෂිට ඇප

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව, සැකකාර වෛද්‍යවරිය රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණි.

තවද, ඇයට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළුවීම තහනම් කර ඇති අතර, විදේශ ගමන් ද තහනම් කිරීමට නියෝග කර තිබේ.

ශල්‍ය උපකරණ අධික මිලට රෝගීන්ට විකිණීමෙන් ඇය දූෂණ ක්‍රියාවක නිරත වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියාය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *