Latestදේශීය

සාමාන්‍ය පෙළ විෂයන් 07යි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අගැයීම් කෙරෙන විෂයයන් ගණන 07ක් වනු ඇත.
ඉන් ප්‍රධාන විෂයයන් 05ක් අනිවාර්යයෙන් අධ්‍යයනය කළ යුතු වේ. එම විෂයයන් වන්නේ, ගණිතය, ඉංග්‍රීසි, මව්බස, ආගම සහ විද්‍යාවයි.
ඊට අමතරව, තවත් විෂයයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව හිමි වෙයි.එම විෂයයන් කාණ්ඩ කිහිපයකට බෙදා තිබේ.ඒ අනුව, තාක්ෂණය, සෞන්දර්යය, කළමනාකරණය හා ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යයනය යන විෂය කාණ්ඩ යටතේ විෂයයන් රැසක් අතරින් දෙකක් තෝරාගත හැකි වේ.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *