සුහයිල් නිදහස් කරනු – ත්‍රස්ත පනත අහෝසි කරනු
මර්දනකාරී ත්‍රස්ත පනතෙන් රදවාගෙන සිටින මොහොමඩ් රිෆයි සුහායිල් වහා නිදහස් කරන්නැයි ජාජබ /ජවිපෙ ආණ්ඩුවට බල කර අද (15) පෙරවරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදී.
එම විරෝධතා උද්ඝෝෂණය පවත්වන ලද්දේ පලිස්තීන සහයෝගීතා මහජන ව්‍යාපාරය මගින්ය.

විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් උසාවිය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නියහැලුනහ.
මරදනකාරී ත්‍රස්ත පනත වහා අහෝසි කරනු ! ආණ්ඩුව ඊශ්‍රායෙලය පිනවීමට සුහායිල් හිරේ දමයි! සහ ආණ්ඩුව ඊශ්‍රායෙල් විරෝධීන් දඩුකදේ ගසයි! යනුවෙන් ලියු පුවරු ඔසවාගෙන විරෝධය දැක්වුහ. මෙම විරෝධතාවයට සුහායිල්ගේ පියා ද සහභාගි වී සිටියේය.

@lankaskynews.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

