Latestදේශීය

ජනක බන්ඩාරගේ මිනීමැරුම් නඩුව යලිත් ශ්‍රේෂ්ඨාධිකරණයට

දහඅට හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම හා එකී මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක අධිචෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ විශේෂ අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 3 වැනිදා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

එම විශේෂ අභියාචනා පෙත්සම ජගත් ද සිල්වා, මහින්ද සමයවර්ධන හා සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

වගඋත්තරකාර හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රෝගී තත්ත්වයකින් පසුවන නිසා ඇවිදීමට හෝ නොහැකි බව එම වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයට පැවැසීය. එම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

1999 වසරේ මාතලේ දඹුල්ගමුව ප්‍රදේශයේදී 18 හැවිරිදි තරුණයකු ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර එකී අධිචෝදනා පත්‍රය එරෙහිව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය එකී අධිචෝදනා පත්‍රය නීතියට පටහැනි බවට තීන්දු කොට 2020 වසරේදී එය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබිණි. එකී තීන්දුව නීතියට පටහැනි නියෝගයක් වන බැවින් එය බලරහිත කරන්නැයි නීතිපතිවරයා සිය විශේෂ අභියාචනා පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *