ඉන්දු චීන අතට අත
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක් සිදුවී තිබේ.
ඒ, ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ චීන සංචාරය අතරතුරදීය.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා තෙදින සංචාරයක් ආරම්භ කරමින් චීනයේ බීජිං අගනුවරට පැමිණ තිබුණි.
එහිදී චීන විදේශ අමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා වටයකට ද අමාත්‍ය ජයිශංකර් එක්විය.
දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සාමාන්‍යකරණය කිරීමේදී පසුගිය මාස කිහිපය තුළ රටවල් දෙකම සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

