ඊශ්‍රායලය සිරියාවට පහරදෙයි
සිරියානු රජයේ හමුදාව සහ දකුණු සිරියාවේ ඩෘස් සුළුතර මුස්ලිම් ප්‍රජාවට අයත් කැරලිකාර කණ්ඩායම සමඟ පවතින යුද ගැටුම් අතරතුර දමස්කස් අගනුවර පිහිටි සිරියානු හමුදා මූලස්ථානයේ පිවිසුම් දොරටුවට ඊශ්‍රායලයෙන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලය මේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඩෘස් සුළුතර මුස්ලිම් ප්‍රජාව පදිංචිවී සිටින දකුණු සිරියාවේ සුවෙයිදා ප්‍රාන්තය සිරියානු හමුදාවෙන් ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමට බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ පිහිටි සුවෙයිදා ප්‍රාන්තයෙන් ඉවත්වන ලෙස රජයේ හමුදාවට බල කරමින් එම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර, රජයේ හමුදාවෙන් ඩෘස් ප්‍රජාවට එල්ල වන ප්‍රහාර සම්බන්ධව දැඩි අවධානයෙන් පසුවන බවට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.
සිරියානු රජයේ හමුදාව සහ ඩෘස් සුළුතර ප්‍රජාවට අයත් කැරලිකාර කණ්ඩායම සමඟ දිගු කාලයක සිට සටන් පවතින අතර, පසුගියදා දෙපාර්ශ්වය අතර එකඟතාවට පැමිණි සටන් විරාමය බිඳ වැටීමෙන් පසු රජයේ හමුදාව සුවෙයිදා ප්‍රාන්තය වටලා දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ සහ මීට දශක ගණනාවකට පෙර ඊශ්‍රායලය විසින් සිරියාවෙන් අත්පත් කරගත් ප්‍රදේශවල බහුලව ජීවත්වන ඩෘස් ප්‍රජාවට ඊශ්‍රායල රජය සහාය දක්වන අතර, සිරියානු රජයට එරෙහිව සටන් කිරීම සඳහා එම කැරලිකාර කණ්ඩායමට ආයුධ සපයන බවට ද වාර්තා වේ. ෂියා නිකායට අයත් සුළුතර ජන කොටසක් වන ඩෘස් නමැති එම මුස්ලිම් ප්‍රජාව බහුතරයක් සුවෙයිදා ප්‍රාන්තයේ ජීවත්වන අතර වෙනම රාජ්‍යයක් උදෙසා සටන් වදිමින් සිටින බව වාර්තා වේ.
@දිනමිණ