කාසල්රී, මවුස්සාකැලේ පිටාර මට්ටමට ආසන්නයි
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.
ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමග විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේය.
පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ග ලිස්සන සුලු බැවින් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

