සංචාරකයින්ට තාවකාලික රියදුරු බලපත්‍ර ගුවන්තොටුපලේදීම
මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා කටුනායක ගුවන්තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසීය.
එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසා සිටියේ, මේ වනවිට එම වැඩපිළිවෙළ අවසන් අදියරේ පසුවන බවය.
ඊට අදාළ තවත් නීතිමය කටයුතු කිහිපයක් සිදුකිරීමට නියමිත අතර, එය අවසන්වීමෙන් අනතුරුව මෙම වැඩපිළිවල ආරම්භ කිරීමට හැකි බව ඔහු සඳහන් කළේය.
දින 14 සහ 30 යන කාලසීමාවක් සඳහා මෙම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට නියමිත බව සඳහන්ය.
එමෙන්ම වැඩි කාලයක් සඳහා දිවයිනේ රැදී සිටින සංචාරකයින්ට වසර 8ක් සඳහා ලබාදෙන රියදුරු බලපත්‍රය ලබාගැනීමේ හැකියාව පවතින බවද කමල් අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

