ශ්‍රී ලාංකිකයින් රැගත් බස්රථයක් ඊශ්‍රායලයේ දී ගිනිගනී
ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ (18) උදෑසන තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි කෘෂිකාර්මික සේවයේ නිරත ශ්‍රී ලාංකික තරුණයින් 20 ක් රැගත් බස් රථය හදිසි ගිණි ගැනීමකට ලක් වූ අතර ගින්නෙන් බස් රථය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි.
මෙම බස් රථයේ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු සිට ඇති අතර බස් රථය ගිණි ගැනීමේ දී එහි දොර අවහිරවීම මත එහි සිටි පිරිස එහි ජනෙල් කඩා එයින් ඉවත්වී ඇත.
අනතුරෙන් පාදයක් තුවාල වූ එක අයෙකු රෝහල් ගතකර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවේ. මේ පිළිබඳව විවිධ සටහන් තබා ඇතත් තුවාල වූ තරුණයාට තදබල අනතුරක් නොමැති බව නිමල් බණ්ඩාර මහතා තහවුරු කර සිටියි.
අදාළ සමාගම ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලන අතර අනෙකුත් පිරිස සුපුරුදු පරිදි තම කටයුතුවල නිරත ව සිටිති.
@දිනමිණ
Please follow and like us: