Latestදේශීය

කඩොලාන් වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කරනවා – දම්මික පටබැදි

ජූලි මස 26 දිනට යෙදි ඇති ජගත් කඩෝලාන දිනයේදී කඩෝලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , කඩොලානට දලුලන්න ඉඩදෙන්න යන මැයෙන් අද (21) ප්‍රවෘත්ති දෙපාරතමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ජූලි (26) වෙනිදා ට පරිසර අමාත්‍යංශයත් , පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව අංශයත් , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව මෙම කඩොලාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ඒකකයත් එක්ව ජූලි (26) පෙ.ව 8.30 ට ආනවිලුන්දාව අභය භූමියේදී කඩෝලාන සංරක්ෂණය සම්බන්ධයෙන් වැඩසටහන් සංවිධාන කර ඇති බවද සඳහන් කළේය.
එදිනම පෙ.ව 12.00ට පරිසර අමාත්‍යංශයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව පාලවිය කරඹ කඩෝලාන වනාන්තරයේදී , පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩෝලාන වනාන්තර 08ක් මාදන්පේ – මරම්බැට්ට්ය මුකලාන , හලාවත – මැරවල C , හලාවත – මැරවල B , හලාවත – මැරවල A , හලාවත – මැරවල , ආරච්චිකට්ටුව – කුසල , ආරච්චිකට්ටුව – කරුකපනේ B රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය ගැසට් පත්‍ර අත්සන් කිරීමද සිදු කරන බවද පැවසීය.
මෙම කඩෝලාන පාරිසරිකව සහ සමාජීය වශයෙන් පරිසර පද්ධතියට ඉතාම වැදගත් බව ද අමාත්‍යවරයා පැවසුවේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *