Latestදේශීය

සජිත්ට පුලුවන් අපේ පක්ෂයට එකතු වෙන්න – සාගර කාරියවසම්

නාමල් රාජපක්ෂගේ දේශපාලන න්‍යායාචාර්යවරයා ලෙස ක්‍රියා කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් එම පක්ෂය ගෙන යන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සැලසුම් හෙළි කර තිබේ.

ඊයේ (20) නිකුත් කළ දේශය පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබෙන්නේ “සජිත් ප්‍රේමදාස මහත්තයට වුණත් අපේ පක්ෂයට එකතු වෙන්න පුළුවන්” යනුවෙනි. ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ “මම මේ නිකන් කියන්නේ” යන ව්‍යංගාර්ථය සහිතව ය.

එහෙත් දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ පක්ෂයක මහ ලේකම්වරයෙකුට තම පෞද්ගලික මත හෝ ක්‍රියාමාර්ග පිළිබඳව වගකීම් විරහිතව ප්‍රකාශ නිකුත් කළ නොහැකි බව ය. ඔහු මෙම ප්‍රකාශය කර තිබෙන්නේ විරුද්ධ පක්ෂ නායකත්වයෙන් සජිත් ප්‍රේමදාස ඉවත් කිරීමේ රහස් සාකච්ඡා පිළිබඳව වාර්තා වෙමින් පවතින පසුබිමක් තුළ වීම ද දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි අවධානයට ලක් වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *