Latestදේශීය

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

ජනාධිපතිවරයාගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

නීති පනත් කෙටුම්පත් සම්පාදක විසින් ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී තිබේ.

මේ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදෙනු ලබන විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට හැකි වන පරිදි 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2025 ජුනි 16 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබිණි.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *