සජිත් කට අරින්න සූදානම්
විපක්ෂ නායක ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට සූදානම් වන්නේ යැයි පළ වෙන ප්රවෘත්ති පිළිබඳව සජිත් ප්‍රේමදාස දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව පසුගිය දා (21) රැස් වූ අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස ආවේගයෙන් යුතුව සඳහන් කර ඇත්තේ මෙම ප්රවෘත්ති පළ කිරීම නොනවත්වන්නේ නම් “මම කට අරින්න සූදානම්” යනුවෙනි.
රංජිත් මද්දුමබණ්ඩාර සහ එස්. එම්. මරික්කාර් යන කළමනාකරණ කමිටු සාමාජිකයින් දෙදෙනා අදාළ වාර්තා පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. සජිත් ප්‍රේමදාස 2015 – 2019 කාලයේ දැරූ අමාත්‍ය ධුර යටතේ සිදු වී ඇති මූල්‍ය අපරාධ සම්බන්ධ වාර්තා පිළිබඳව ද එහි දී සාකච්ඡා වූ බව අනාවරණය වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

