ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රයේ අගය ඉහළට
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ස්ථාන 5ක් ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව එම දර්ශකයේ 96 වන ස්ථානයේ සිට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 91 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
පසුගිය වසරේදී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ස්ථාන 4ක් ඉදිරියට පැමිණ තිබුණි.
හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය මෙම වසරේ රටවල් ශ්‍රේණිගත කරණු ලබන්නේ පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව තම රටේ ජනතාවට ඇතුළුවිය හැකි ගමනාන්ත ගණන අනුව වෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලෝකයේ ගමනාන්ත 42කට වීසා රහිත ප්‍රවේශය පවතී.
සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ගමනාන්ත 193කටත් ජපානය සහ දකුණු කොරියානු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 190ක් සඳහාත් වීසා රහිත ප්‍රවේශය පවතී.
මේ අතර එම දර්ශකයේ ඉන්දියාව ස්ථාන 8ක් ඉදිරියට පැමිණ ඇති අතර ඒ අනුව ඔවුන්ට 77 වන ස්ථානය හිමිව තිබේ.
ඉන්දියාව මීට පෙර එම දර්ශකයේ 85 වන ස්ථානයේ රැඳී සිටියේය.
එම දර්ශකයේ අවසන් ස්ථාන හතරේ පාකිස්තානය, ඉරාකය, සිරියාව සහ ඇෆ්ගනිස්තානය රැඳී සිටී.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

