රනිල්ලා අනුලා ස්තූපයත් විකුණලා – මිහින්තලේ හිමි
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මිහින්තලේ අනුලා ස්තූපය රු. මිලියන 300කට විකුණා දමා ඇතැයි එම විහාරාධිපති පූජ්‍ය වලවහැංගුණුවැවේ ධම්මරතන හිමි පවසයි.
එවක අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් ජපානයේ සිටින බෝදාගම චන්දිම හිමියන්ට මෙලෙස අදාළ ස්තූපය විකුණා දමා ඇති බවයි, එහිමියන් සඳහන් කළේ.
ඒ පිළිබඳ තමා කිසිවක් නොදන්නා බවත් වත්මන් ජනාධිපති සහ බුද්ධශාසන ඇමති මෙම අපරාධකරුවන් ආරක්ෂා නොකොට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ධම්මරතන හිමි ප්‍රකාශ කරයි.
අදාළ සිදුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ එහිමියන් මේ බව කීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

