වාර විභාග අවශ්‍ය නැහැ – හරිනි අමරසූරිය
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වාර විභාග අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
මෙම ක්‍රමයට හුරුවන තෙක් 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා එක් වාර විභාගයක් හෝ පැවැත්වීමට සැලැසුම් කරන බවත් මෙම ක්‍රමය දරුවන්ට හා මවුපියන්ට හුරු වූවාට පසුව විභාග ක්‍රමය අවශ්‍ය නොවන බවත් අගමැතිනිය ප්‍රකාශ කළාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ඊයේ (23) පැවසුවාය.
විභාග නොමැතිව දරුවන් නිවැරදිව ඉගෙන ගන්නවා ද යන ගැටලුව සමාජය බියට පත් කරන කාරණාවක් බවත් එසේ වනුයේ කාලයක් තිස්සේ හුරු වූ විභාග මූලික අධ්‍යාපන ක්‍රමවේදය නිසා බවත් අගමැතිනිය ප්‍රකාශ කළාය.
නීතිගරුක දරුවකු බිහි කර ගැනීම සම්බන්ධයෙන් ද මෙම ක්‍රමවේදය යටතේ අවධානය යොමු කර ඇතැයි ඇය පැවසුවාය.
දරුවාට මානසික පීඩනයක් ඇති නොවන ආකාරයෙන් මෙම නව ක්‍රමවේදය සැලසුම් කර ඇතැයි ද ඊට අනුගත වීමට ටික කාලයක් පාසල් පද්ධතියට සහ දරුවන්ට, මවුපියන්ට අවශ්‍ය යැයි ද අගමැතිනිය ප්‍රකාශ කළාය.
@දිනමිණ