Latestදේශීය

රිදී මිල වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද වනවිට ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39.40ක් (රුපියල් 11,885) බවය.

ඒ අනුව මෙම වසරේ රිදී මිල 36%කින් ඉහළ ගොස් ඇති අතර, අද දිනයේ පමණක් 0.3%කින් ඉහළගොස් ඇත.

අමෙරිකාව විසින් එරට තීරුබදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමත් සමග රන්, රිදී, ප්ලැටිනම්, පැලේඩියම් වැනි ලෝහවලට ආයෝජකයින් වැඩිවශයෙන් නැඹුරුවීම මෙලෙස රිදී මිලේ ඉහළ යෑමට හේතු වී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම වසරේ දී රිදී මිල 36% කින් ඉහළ ගියද, රත්‍රන් මිල ඉහළගොස් ඇත්තේ 31%කින් පමණක් වීමය.

නවතම අනාවරණය අනුව මෙම වසරේ රිදී අවුන්සයක මිල ඩොලර් 42 දක්වා ඉහළ යා හැකිය.

කෙසේ වෙතත් 2011 වසරේ දී රිදී අවුන්සයක වටිනාකම ඩොලර් 49ක් දක්වා ඉහළගොස් තිබේ. 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *