තායිලන්තයේ දිස්ත්‍රික්ක 08ක යුද නීතිය ක්‍රියාත්මකයි
කාම්බෝජයට මායිම්ව ඇති ප්‍රදේශවලට යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට තායිලන්තය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එරට දේශසීමා ආරක්ෂක අණදෙන නිලධාරීවරයා පවසා ඇත්තේ කාම්බෝජයට මායිම්ව ඇති තායිලන්තයේ දිස්ත්‍රික්ක 8කට මෙලෙස යුද නීතිය ප්‍රකාශයට පත් කර ඇති බවය.
මේ අතර තායිලන්තයේ වැඩබලන අගමැති ෆුම්තම් චෙචයාචායි අනතුරු අඟවා ඇත්තේ කාම්බෝජය සමග දේශසීමා ගැටුම් හේතුවෙන් මේ වන විට බොහෝ පිරිසක් මියගොස් ඇති බවත් එය යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවත්ය.
දීර්ඝ කාලයක් පුරාවට පැවැති දේශසීමා ආරවුලක් හේතුවෙන් ඊයේ දිනයේ ජෙට් යානා, කාලතුවක්කු, ටැංකි සහ ගොඩබිම් භටයින් සමග දැඩි සටනක් දක්වා වර්ධනය වී ඇති අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද මෙම ගැටුම් සම්බන්ධව හදිසි සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබුණි.
එම වාතාවරණය මධ්‍යයේ ඊයේ (25) සවස සිට තායිලන්ත හමුදා දේශසීමා අණදෙන නිලධාරිවරයෙකු විසින් කාම්බෝජය සමග මායිමේ පිහිටි දිස්ත්‍රික්ක 08ක් සඳහා මෙලෙස යුද නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අතර තායිලන්තය සිය දේශසීමා ප්‍රදේශවලින් 138,000කට අධික පිරිසක් ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම තායිලන්තයේ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශය කාම්බෝජ දේශසීමාවේ ආරක්ෂිත ප්‍රදේශ 06ක් වසා දැමීමටද නියෝග කර ඇති අතර ඒ අනුව එම ප්‍රදේශයේ ඇති ජාතික වනෝද්‍යාන 06ක්ද වසා දැමීමට තායිලන්තය පියවර ගෙන තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

