අවුරුදු 12ක දැරිය ගනිකා සේවයේ යෙදවූ මව අත්අඩංගුවට
(සුනිල් එස් තන්ත්‍රිආරච්චි)
වයස අවුරුදු 12 මාස 08 ක්වූ තමන්ගේ දියණිය ගණිකා සේවයේ යෙද වූ බව කියන මවක් බදුරලිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය ප්‍රදේශයේ පදිංචි මවකි.
දැනට කඩවත ළමා මධ්‍යස්ථානයක රඳවා සිටින වින්දිත දැරීයගෙන් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය ලබා ගත් වීඩියෝ සාක්ෂිය පදනම් කොටගෙන අත්අඩංගුවට ගැනීම කර ඇත.
මව දැනුවත්ව පුද්ගලයන් කීප දෙනෙකු සමග ලිංගිකව එක්වූ බවත්,ඔවුන් ලබා දුන් මුදල් මවට දුන් බවත් ඇය එහිදී ප්‍රකාශ කොට තිබිණ.
ඒ පිළිබඳව මින් පෙර පොලීසියට නොකීවේ මව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හෝ තමා පරිවාස භාරයට පත් විය හැකි නිසා බවද ඇය ප්‍රකාශ කොට තිබේ.
බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.වැදිසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

