Latestදේශීය

ජනසම්මතවාදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා – හරිනි අමරසූරිය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ මූලික කටයුතු  මේ වන විට ආරම්භ කර ඇති බවත්,  එම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාජයේ සියලු පාර්ශවයන්ගේ මතයන්ට ගරු කරමින් ඒවාට සවන් දෙමින් මෙතෙක් මෙරට බිහි නොවූ ජනසම්මතවාදී ව්‍යවස්ථාවක් වනු ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාකශය මඟින් පොරොන්දු වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන දින වකවානු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් .පී. පෙරේරා මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

නව රජය බලයට පත් වීමෙන් පසු සම්මත වූ සහ  සංශෝධනය වූ නවඅනපනත් ගණන 08කි. එසේම තවත් සැලකියයුතු අනපනත් සංඛ්‍යාවක් කෙටුම්පත්කරමින් පවතින බවද ඇය පැවසුවාය. ඒ අනුව විධිමත්ව සහ ක්‍රමානුකූලව අත්‍යාවශ්‍ය  නීති සහ අනපනත් සංශෝධනය කරමින් නව නීති කෙටුම්පත් කරමින් කඩිනම් විසඳුම් ලබා දිය යුතු ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කර ඇත. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සුදුසු පරිදි සිදුකරන බවද  ඇය පැවසුවාය.ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට  ආරම්භ කර තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා ජාතික වශයෙන් ප්‍රමුඛතාවය ලබා දී ඇති බවත් එහි මූලික කටයුතු ආරම්භ වී ඇතැයිද ඇය පැවසුවාය.

මෙලෙස ගැඹුරු අධ්‍යනයකින් සහ විශේෂඥ මත විමසුමක් සහිතව එම කටයුතු  සිදු කිරීමට බලාපොරොත්තුව වන බවද පැවසුවාය.

විධිමත් හා ක්‍රමානුකූලව අනපනත් සංශෝධනය කරමින් නව නීති කෙටුම්පත් කරමින් කඩිනම්න් විසඳුම් ලබාදිය යුතු ක්ෂේත්‍ර  කෙරෙහි  මේ වන විට අවධානය යොමු කර ඇතැයිද අගමැතිවරිය පෙන්වාදුන්නාය.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යනු රටේ මූලික නීතිය බවත් එය සංශෝධනය කිරීම අධ්‍යනයකින් තොරව සිදුකළ නොහැකි බවද අගමැතිවරිය සඳහන් කළාය. එය නිසි අධ්‍යනයකින් තොරව සිදු කිරීම සාර්ථක නොවනු ඇතැයිද අගමැතිවරිය  පෙන්වා දුන්නාය.දැනට තිබෙන අනපනත් සහ නීති රෙගුලාසි කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පවතින බවද ඇය සඳහන් කළාය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *