Latestදේශීය

දළදා පෙරහැර අද ඇරඹෙයි

මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යය සතර මහා දේවා­ල­යන්හි කප් සිටු­වී­මෙන් අද (25) ආරම්භ වෙයි.

නාථ, විෂ්ණු, කත­ර­ගම හා පත්තිනි යන සිවු මහා දේවා­ල­යන්හි අද (25) පෙර­වරු 6.05ට කප් සිටු­වී­මට නිය­මි­තය.

කප් සිටු­වී­මෙන් අන­තු­රුව 29දා තෙක් පුරා දින පහක් දේවාල අභ්‍ය­න්තර පෙර­හර පැවැ­ත්වෙයි. අන­තු­රුව මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ ප්‍රථම කුඹල් පෙර­හර 30 දින රාත්‍රියේ වීදි සංචා­රය කරයි. කුඹල් පෙර­හර දින 05ක් වීදි සංචා­රය කිරී­මෙන් පසු රන්දෝලි පෙර­හර අගෝස්තු මස 04 වැනි දින වීදි සංචා­රය ආරම්භ කරන බව දිය­ව­ඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පව­සයි.

අව­සන් රන්දෝලි මහ පෙර­හර 08 වන දින රාත්‍රියේ වීදි සංචා­රය කිරී­මෙන් පසු පෙර­හර කර­ඬුව ආදා­හන මළුව ගෙඩිගේ රජ­මහා විහා­ර­ස්ථා­නයේ තැන්පත් කෙරෙයි.

අන­තු­රුව සිවු මහා දේවාල පෙර­හර ගැටඹේ තොට වෙත ගමන් කර දිය­කැ­පුම් මංග­ල්‍යය සිදු කිරී­මෙන් පසු 09 දින දහ­වල් පෙර­හර පවත්වා මෙවර ඇසළ පෙර­හර මංග­ල්‍යය නිමා­වට පත් කරන බව නිලංග දෑල මහතා පව­සයි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *