දේශබන්දු විවාදය අගෝස්තු 05
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය පිළිබඳ විවාදය අගෝස්තු මස 05 වැනිදා සිදු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
එම විවාදය 05 වැනිදා පවත්වා බහුතර මන්ත්රී ඡන්දයෙන් සම්මත කිරීමෙන් පසුව තෙන්නකෝන් මහතා ඉවත්කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පාර්ලිමේන්තු විසින් දන්වා යැවීම සිදු වේ.
2002 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්රකාරව මෙම කටයුතු සිදු කෙරේ. මේ අතර ශ්රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ලබන මස 06 වැනිදා පැවැත්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

