Latestදේශීය

දේශබන්දු විවාදය අගෝස්තු 05

දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්පති ධුර­යෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්ම­තය පිළි­බඳ විවා­දය අගෝස්තු මස 05 වැනිදා සිදු කිරී­මට පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර ඇත.

එම විවා­දය 05 වැනිදා පවත්වා බහු­තර මන්ත්‍රී ඡන්ද­යෙන් සම්මත කිරී­මෙන් පසුව තෙන්න­කෝන් මහතා ඉව­ත්කි­රීම සම්බ­න්ධ­යෙන් තීර­ණය කිරීම පිළි­බ­ඳව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත පාර්ලි­මේන්තු විසින් දන්වා යැවීම සිදු වේ.

2002 අංක 05 දරන නිල­ධ­ර­යන් ඉවත් කිරීමේ (කාර්ය පටි­පා­ටිය) පනතේ 17 වග­න්තිය ප්‍රකා­රව මෙම කට­යුතු සිදු කෙරේ. මේ අතර ශ්‍රී ලංකා විදු­ලි­බල (සංශෝ­ධන) පනත් කෙටු­ම්පත දෙවැනි වර කිය­වීමේ විවා­දය ලබන මස 06 වැනිදා පැවැ­ත්වී­මට ද පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර ඇත.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *