Latestදේශීය

හොර ඔප්පු ඉඩම් නඩුව – ආන්ඩුවේ ප්‍රභලයින්ගෙන් කට උත්තර ගන්න නියෝග

ජාතික කම්කරු ආයතනයට අයත් තෙමහල් ගොඩනැගිල්ලක් සහ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් මගින් රුපියල් මිලියන 3කට බදු දීම සම්බන්ධයෙන් සිදු වූ බව කියන වංචාවක් පිළිබඳව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් සවිස්තරාත්මක වාර්තාවක් ඊයේ (25) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මොරටුව මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය විසින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඒවා විමර්ශන ගොනුවට ඇතුළත් කරන ලෙස වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කරන ලදී.

අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව, විමර්ශන අතරතුර සොයාගත් ලේඛන කිහිපයක් ද ඇතුළත් වේ. ඒවා අතර ගොඩනැගිල්ලට අදාළ ව්‍යාජ ඔප්පුවේ සහතික කළ පිටපතක්, වසන්ත සමරසිංහ මහතා ජාතික කම්කරු කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙස පත්කළ 2017 සැප්තැම්බර් 03 දිනැති රැස්වීම් වාර්තා, අංක 166, 206 සහ 207 දරන බදු ගිවිසුම්වල සහතික කළ පිටපත්, මෙන්ම කඩුවෙල දිසා අධිකරණය, දිසා අධිකරණය සහ සිවිල් අභියාචනා මහාධිකරණය යන අධිකරණවල මතභේදයට තුඩු දී ඇති දේපල සම්බන්ධ නඩු වාර්තා ද වේ.

මෙම ලේඛන තවදුරටත් අධිකරණමය සලකා බැලීම් සඳහා වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් (25) අධිකරණයට විධිමත්ව ඉදිරිපත් කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *