Latestවිදේශීය

නේරුට පමණක් දෙවෙනි මෝදි

(ඒමන්ති මාරඹේ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි ඉන්දීය ඉතිහාසයේ දෙවැනි දීර්ඝම කාලයක් අගමැති ධුරය දැරූ අගමැතිවරයා බවට ඊයේ (25දා) පත්විය. ඒ හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය විසින් අගමැති ධුරය දැරූ කාලසීමාව අහිබවා යෑමෙනි. වත්මන් අගමැති නරේන්ද්‍ර සිං මෝදි ඊයේ දිනය වන විට දින 4078ක් එක දිගට අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිට තිබූ අතර ඔහුට පෙර ඉන්දියාවේ දෙවැනි වැඩිම කාලයක් අගමැතිධුරය දරා තිබුණේ කොංග්‍රස් පක්ෂය නියෝජනය කළ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනියයි. ගාන්ධි මැතිනිය 1966 වසරේ ජනවාරි 24 වැනිදා සිට 1977 වසරේ මාර්තු 24 වැනිදා දක්වා වූ කාලයේ දී එක දිගට දින 4077ක් (වසර 15කුත් දින 350ක් ) අගමැති ධුරය දරා තිබිණි.

වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි 2014 වසරේ මැයි 26 වැනිදා සිට එකදිගට මේ දක්වා ඉන්දීය අගමැතිවරයා වශයෙන් කටයුතු කරන අතර ඔහු 2014, 2019 හා 2024 වසරවල පැවති ඉන්දීය මහා මැතිවරණවලදී අගමැති ධුරයට තේරී පත්ව තිබේ. මෝදි අගමැතිවරයා දැනට කටයුතු කරනුයේ සිය තෙවැනි ධුර කාලයේය. ඉන්දියාවේ මෙතෙක් වැඩිම දින ගණනක් අගමැති ධුරය දරා ඇත්තේ එරට ප්‍රථම අගමැතිවරයා වන ශ්‍රී ජවහල්ලාල් නේරු තුමා විසින් වන අතර ඔහු විසින් එකදිගට වසර 16කුත් දින 286ක කාලයක් එම ධුරයේ කටයුතු කර තිබේ.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *