වතු කම්කරු වැටුප් අනිවාර්යයෙන්ම වැඩිකරනවා – සුන්දරලිංගම් ප්‍රදීප්
වතුකර ජනතාවගේ වැටුප් වැඩි කිරිමේ සාකච්ඡා මේවන විට වතු සමාගම් සමග පවත්වන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් එම ජනතාවගේ දෛනික වැටුප රු.1700 දක්වා වැඩි කිරිමට කටයුතු කරමින් සිටින බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බැවි කියා සිටියේ හැටන් තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථනයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රදීප් සුන්දරලිංගම් මහතා කියා සිටියේ වතුකරයේ ජනතාවගේ නිවාස ගැටළුව විසදීමට වතුමන් රජය මේවන විට කටයුතු කරමින් සිටින බවයි.
ඉකුත් රජය සමයේ වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි කල නිවාස ඉදි කිරිම් කටයුතු සම්පූර්ණ කර නොමැති බවත්, එම නිවාසවල ඉතිරි ඉදි කිරිම් කටයුතුද වත්මන් රජය විසින් සිදු කර වතුකරයේ ජනතාවට ලබා දෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.
@Lanka C News