කුඩා ව්‍යවසායකයාට එදා පෙන්වූ ආදරය අද දක්වන්න – සජිත් ප්‍රේමදාස
ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය මැතිවරණ සමයේ පෙන්වූ ආදරය දැනුත් පෙන්වා ඔවුන් සවිබල ගන්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගියදා (26) විපක්ෂ නායක කාර්යාලයේ දී Citizens Voice වැඩසටහන යටතේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස ද කීවේය.
“අප රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් දෙන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන් හමුවී ඔවුන්ගේ ගැටලු විමසා බැලූවා. පරාටේ නීතිය ක්‍රියාත්මක වීම පසුගිය කාලයේ තාවකාලිකව අත්හිටුවීමකට ලක් වුවත් ඒ කාලයේ සිදු විය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොවීමත්, පාස්කු දා ප්‍රහාරය, කොවිඩ් සහ බංකොලොත්භාවය නිසා අසරණ වූ මොවුන්ට රාජ්‍ය මැදිහත්වීම හරහා සහන නොලැබී යෑමත් සිදුව තිබෙනවා. මේ කර්මාන්තකරුවන් වෙනුවෙන් තවදුරටත් හඬනඟා මොවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දීමට පොරොන්දු වූ වත්මන් රජය වගවීමට සහ වගකීමට ලක් කරනවා.
අප රටේ ආර්ථික වර්ධනයට 50%කට වැඩි දායකත්වයක් දෙමින් ලක්ෂ ගණනාවකට රැකී රක්ෂා දෙන සත්‍ය වශයෙන්ම ආර්ථිකයේ කොඳු නාරටිය වූ මේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මැතිවරණ සමයේ පෙන්වූ ආදරය ක්‍රියාවට නංවන්න කාලය එළැඹ තිබෙනවා. මොවුන්ගේ දායකත්වය ආර්ථික වර්ධනයට අවශ්‍යයි. මේ වන විටත් පවත්වාගෙන යා යුතු ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යෑමට නොහැකි වී තිබෙනවා. 2028දී ණය ගෙවීමට නොහැකි වුවහොත් නැවත වරක් බංකොලොත්භාවයට පත්වෙනවා.”
@දිනමිණ