නීතිපතිවරයා – නීතිපතිවරයාට එරෙහිව නඩු පවරයි!
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන පරිසරයට සිදු වී බරපතළ බලපෑම සම්බන්ධයෙන් අපරාධමය චෝදනා යටතේ නීතිපතිවරයාට ද එරෙහිව නඩු පවරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය අනුව එය නීතිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.
හිටපු නීතිපතිවරයා, හිටපු ඇමති නාලක ගොඩහේවා, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරිය ඇතුළු 12 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කළ යුතුව තිබේ.
මේ අනුව, මෙරට අධිකරණ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මත නීතිපතිවරයා විසින් නීතිපතිවරයෙකුට එරෙහිව නඩු පවරන ප්‍රථම අවස්ථාව මෙන් ම, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් අනුව එසේ කිරීමට සිදු වූ අවස්ථාව ලෙස ද ඉතිහාස ගත වීමට නියමිතව තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගය ප්‍රකාරව මූලික වශයෙන් ලංකා රජයට ඩොලර් මිලියන 1000ක වන්දියක් අදාළ නැව් සමාගම ඇතුළු පාර්ශව 4ක් විසින් ලබා දිය යුතුව ඇත.
@Lanka Truth
Please follow and like us: