Latestදේශීය

නාමල් අත්අඩංගුවට ගන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්ය.

2018 වසරේදී හම්බන්තොට වරාය චීනයට ලබා දීමට එරෙහිව හම්බන්තොටදී පවත්වන ලද විරෝධතාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා මේ වන විට නීතිඥවරුන්ගේ හමුවකට සහභාගි වීම සඳහා මාලදිවයින බලා ගොස් සිටී.

ඒ අනුව ආපසු පැමිණිමේදී අධිකරණයෙන් ලබා ඇති වරෙන්තු මත කටුනායක ගුවන් තොටුපලේදී ඒ මහතා අත්අඩංගුවට ගැනීමේ වැඩි ඉඩකඩක් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *