Latestදේශීය

ඇගලුම් සේවකයින්ට වඩා වතු කම්කරුවන්ට වැටුප් ගෙවනවා – තව වැඩිකරන්න බැහැ

රජයේ අවම වැටුප වන රු.27000ක වැටුපට වඩා තම වතු සමාගම යටතේ පාලනය වන තේ වතුවල සේවය කරන වතුකම්කරුවන් අවම වැටුප වශයෙන් මසකට රු.34500ක පමණ මුදලක් ලබා ගන්නා බව හේලීස් වැවිලි සමාගමේ කළමණාකරන අධ්‍යක්ෂක ආචාර්ය රොෂාන් රාජදොරෙයි මහතා පැවසීය.

ආචාර්ය රොෂාන් රාජදොරෙයි මහතා ඒ බැව් කියා සිටියේ එම සමාගම යටතේ පාලනය වන තේ වතුවල වතු අධිකාරිවරුන් සහ වතු කාර්ය මණ්ඩලය දිරි ගැන්වීම සදහා (28) හැටන් නගරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

තම වතු සමාගම විසින් වතුකම්කරුවන්ගේ සුභසාධන කටයුතු ඉහළින් ලබා දෙන බවත්,ඊට අමතරව ඇතැම් වතුවල සේවය කරන වතු කම්කරුවන්ට දිවා ආහාරවේල නොමිලේ ලබා දෙන බවත්, ඒ අනුව දැනට දෛනිකව ගෙවන රු.1350 වැටුපට අමතරව අමතර දළු නෙලීමෙන් වතු කම්කරු කාන්තාවක් දිනකට රු.2500ත් රු.3000ත් අතර වැටුපක් ලබා ගන්නා බවයි ආචාර්ය රොෂාන් රාජදොරෙයි මහතා කියා සිටියේ.

වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සිදු කල හැක්කේ ඵලදායිතාවය ඉහළ දැමීමෙන් බවට යෝජනාවක් මගින් රජයේ පාර්ශවය දැනුවත් කර ඇති බවත්, තේ වතුවල ඵලදායීතාවය ඉහළ දමා කාර්යක්ෂමව වැඩ කරන තම වතු සමාගම යටතේ පාලනය වන තේවතුවල සේවය කරන ඇතැම් සේවකයින් මසකට රු.150000ක් පමණ වැටුපක් ලබන අයද සිටින බවයි රොෂාන් රාජදොරෙයි මහතා කියා සිටියේ.

ඇගලුම් කර්මාන්ත සේවකයින්ගේ අවම වැටුප රු.24000ක් බවත්, තම වතු සමාගමේ වතු කම්කරුවන් ඊට වඩා අවම මුදලක් මසකට ලබා ගන්නා බවත්, වර්ථමානයේ තේ කර්මාන්තයේ රැකියාවල නිරත වීමට දැනට සේවය කරන වතු කම්කරුවන්ගේ දූ දරුවන් අකමැති නිසා තේ කර්මාන්යේ රැකියාවල නිරතවන අයට නිසි ගෞරවය සහ ඇගයීම් සිදු කර තේ කර්මාන්තය පවත්වාගෙන යන බවද හෙතෙම පැවසිය.

හේලීස් වැවිලි සමාගය යටතේ පාලනය වන වතු වල තේ, රබර්, පොල් වලට අමතරව කොපි, කුරුදු සහ පළතුරු වගාවද සිදු කරන බවත්, මේවන විට තේ කර්මාන්තයේ නියැලී සිටින වතු සමාගම් ලබන ආදායම වියදමට සමාන බවයි රොෂාන් රාජදොරෙයි මහතා කියා සිටියේ.

ඇමරිකාව විසින් අපනයන බද්ධ වැඩි කිරිම නිසා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට සෘජු බලපෑමක් නොවන බවත්, ඇතැම් රටවල යුද්ධය පැවතියද ශ්‍රී ලංකාවේ තේ අපනයනයට කිසිදු බාධාවක් නොවන බවද ආචාර්ය රොෂාන් රාජදොරෙයි මහතා තව දුරටත් පැවසීය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *