Latestවිදේශීය

චීනය යටවෙයි

උතුර දිග චීනයට බලපා ඇති අධික වර්ෂාපතනයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබේ.

දින ගණනක් පුරා ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ තවත් දහස් ගණනක් අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රදේශ රැසකින් ඊයේත් අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 80,000 කට අනතුර ඇගයීමේ නිවේදන නිකුත් කර තිබුණි.

හෙබෙයි ප්‍රදේශයේ නායයෑම් හේතුවෙන් 08 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවේ.

ආපදාවට පත්වූවන්ට අවශ්‍ය පූර්ණ සහන සැලසීමේ ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත්, ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් චීන ජනාධිපති ෂී ජින්පිං උපදෙස් දී තිබේ.

පවතින වැසි සහිත කාලගුණික තත්වය තවත් දින කිහිපයක් පැවතිය හැකි බවට, චීන කාලගුණ විද්‍යා අංශ පවසයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *